Film බලන්නම විතරක් නෙමෙයි VLC Plyaer එකෙන් තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. බලන්න ඔබ පුදුම වෙයි VLC Plyaer එකෙන් මෙච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා…

1. Video Convert කරගන්න

VLC Player එක උපයෝගී කරගෙන Format කිහිපයකට Video Convert කරගන්න පුළුවන්.

Open VLC media player — Press “CTRL + R”.
ඉන් පසු Open වන Popup Window එකට ඔබට Convert කරගැනීමට අවශ්‍යය Video එක Add කරගන්න.
ඉන් පසු, ඔබට Convert කරගැනීමට අවශ්‍යය Format එක ලබාදී Video එක Convert කරගන්න.

2. YouTube Video VLC Player එකෙන් බලන්න

Open VLC media player — Press “CTRL + N”.

YouTube Video එකේ URL එක Copy කරගෙන එය Popup Window එක මත Paste කර Enter කර Video එක නරඹන්න.

3. Audio Sync කරගන්න

ඔබ බලන film එකේ Audio එකේ මොකක් හරි අවුලක් තිබේනම් එය VLC player එකෙන්ම හදාගන්න පුළුවන් .

Open VLC media player, click on Tools > Effects and Filters.
එහි Audio Effect Click කර ඔබට අවශ්‍ය පරිදි Audio Effects හදාගන්න.

 

4. SanpShot එකක් ගන්න

ඔබ play කරන video එකේ Screen Shot එකක් ගැනීමට

video එක ඔබට අවශ්‍ය තැනින් pause කර VLC menu එකෙහි ඇති Video click කර එහි ඇති Take SnapShot click කරන්න. එය ඔබේ පරිගණකයේ pictures folder එක තුල save වේ.

 

 

5. Desktop එකට Video Wallpaper එකක් දාගන්න .

Video එක play වන අතර තුර VLC menu එකෙහි ඇති Video click කරන්න.
එහි ඇති Set as Wallpaper click කර wallpaper එක ලෙස video එක set කරගන්න .

 

6. Web Cam එකෙන් සිදු කරන video Chat එක record කරගන්න .

Open VLC media player
Go to Media – Open Capture Device
Record වන video එකෙහි Brightness, Contrast, Hue, Saturation පවා හදන්න පුළුවන් .
Play Button එකේ තිබෙන dropdwon menu එක තුලින් record වන video එක save වන තැන සොයාගන්න පුළුවන් .

 

 

7. Download නොකර torrant video බලන්න .

VLC Player එකෙන් torrent movies download නොකරම බලන්න පුළුවන්. ඒ සදහා Ace Player (HD) VLC ඔබ download කරගත යුතුයි . movies නරඹන අකාරය බලන්න පහත video එක බලන්න.

8. 3D Film බලමු

YouTube එකෙන් 3D Film එකක් download කරගන්න.

ඉන් පසු tools click කර Effects and Filters option එක click කරන්න. ඉන්පසු Video Effects tab එක click කර එහි Advanced Tab වෙත ගොස් Anaglyph 3D option එක select කරන්න. දැන් ඉතින් 3D Glass 2ක් දාගෙන film එක බලන්න .

VLC Player එකේ Short Code ටිකත් බලන්නකෝ

F for Fullscreen
Space bar for Play or Pause
+ to play the multimedia faster.
S for Stop.
Ctrl + q to Quit.
Ctrl + Up arrow key to make the volume higher.
Ctrl + Down arrow key to lower the volume.
m to mute the multimedia file.
Shift + Right arrow key to skip forward.
Shift + Left arrow key to skip backward.

Article එක හොදයි නම් යාලුවන්ටත් බලන්න Share කරන්ම යන්න …

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *