Computer Virus වලින් අපේ Computer, Phone, Tablet වගේ දේවල් වලට වන හානිය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න අපි අද අරන් ඇවිත් තිබෙනවා ලොකයේ මෙතෙක් වැඩි පුරම හානියක් සිදුකරපු Computer Virus කිහිපයක් පිලිබඳ තොරතුරු.

1. I LOVE YOU

I LOVE YOU කියන මෙම virus එක ලෝකයේ Internet වලට සම්බන්දව තිබූ පරිගණකවලින් 10% පමණ ඇතුලත් වී තිබෙනවා. මෙම virus එක මගින් සිදු වූ පාඩුව ඩොලර් බිලියන 10 ක් බවයි වාර්තා පවසන්නේ. E-mail එකක් අකාරයෙන් පැමිණෙන මෙම virus එකෙහි Email subject එක “I Love You” ලෙස සටහන් වේ.

මෙම Email එකෙහි Attached වී ඇති Love-Letter-For-You.TXT.vbs. නැමැති File එක open කිරීමෙන් Virus එක Computer එක තුලට ඇතුලු වේ.

තවත් මේ වගේ වටිනා දේවල් දැනුමට එකතු කරගන්න එකතු වන්න අපගේ පිටුව සමග.

2. Melissa

1996 මාර්තු 26 වැනි දින David L, Melissa විසින් “list.doc.” නම් attachment එක මගින් Email හරහා Virus එක ලෝකය පුර ව්‍යාප්ත කර ඇත. Attachment එක open කිරීමෙන් තමන්ගේ Email Contacts වල ඇති Microsoft Outlook address 50කට මෙය ව්‍යාප්ත වේ. පසුව මේ සඳහා FBI එක විසින් David L, Melissa ව අත් අඩංගුවට ගෙන ඔහුට $5000 ක දඩයක් පනවා තිබෙනවා.

3. My Doom

2004 වසරේදී විවිධ අකාරයේ Email පණිවිඩ මගින් මෙය ලොව පුර ව්‍යාප්ත වී තිබෙනවා. මිලියන 2ක් පමණ පරිගණක මෙම Virus එකට ගොදුරු වී තිබෙනවා. මෙම Virus එක නිසා සිදු වී ඇති පාඩුව ඩොලර් බිලියන 38කි.

4. Code Red

2001 වසරේදි ලොව පුරා network servers බොහෝමයක පැතිරුණ මෙම Virus ය ලොවට සිදු කල පාඩුව ඩොලර් බිලියන 2.6කි. Email හෝ File එකක් ආකාරයෙන් නොපැමිණෙන මෙය network servers හරහා ව්‍යාප්ත වේ. මේම Virus ය ඇතුලු වූ පසු Webpage වල “Hacked by Chinese!” නමින් Massege එකක් Display වේ.
සතියකටත් අඩු කාලයකින් network servers 400000 ක් පමණ බිඳ දැමූ මෙය White House හි Web server එකද බිඳ දමා තිබෙනවා.

5. Sasser

Windows පරිගණක වලට 2004 වසරෙදී ඇතුලු වු මෙම Virus එක නිසා පරිගණකය Slow හා නිතර Crach වීමට පත් වෙනවා. මිලියන ගණනක් පරිගණක මෙම Virus එකට ගොදුරු වූවා. hospitals, airlines, agencies, public transportation වැනි සියලු ස්ථාන වල System වලට මෙම Virus එක මගින් දැඩි හානි ඇති වූවා.

 

තවත් මේ වගේ වටිනා දේවල් දැනුමට එකතු කරගන්න එකතු වන්න අපගේ පිටුව සමග.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *