Malware යනු malicious හා software යන වචන 2කෙහි කෙටි වචනයයි.

ඔබ නොදැනුවත්ව ඔබේ private information වල හෝ ඔබේ පරිගනකයේ Settings වල වෙනසක් සිදු වී ඇති නම් එය Malware එකක ක්‍රියාවකි.

දැනට පවතින Malware වර්ග

  • Virus : program files වලට හෝ personal files වලට Infect වේ
  • Spyware : personal information එකතු කරන Software එකක්
  • Worm : Malware එක යම් Network එකක් හරහා පතුරවයි
  • Trojan horse : Trusted Software එකක් ලෙස පෙනී සිටිමින් ක්‍රියා කරයි
  • Browser hijacker : ඔබේ Web Vrowser එක විකෘති කරන Software එකක් වේ
  • Rootkit : Malware වලට administrative rights ලබා දේ.

කොහොමද මේ Malware පරිගනක පද්දතියට ඇතුලුවන්නේ.

  • සමහර විට ඔබ Download කර Install කරන Software package වල ඇතුලත Application එකක් ලෙස තිබී Malware පරිගනක පද්දතියට ඇතුලු වේ.
  • ඔබේ Web Browser එක Outdated නම් Addons හා Plugins මගින් Malware පරිගනක පද්ධතියට ඇතුලු වේ.
  • ඔබ පරිගනකයට සම්බන්ද කරන Pen Drive හා Portable Hard Drive වල තිබී Malware පරිගනක පද්ධතියට ඇතුලු වේ.

කොහොමද මේ Malware පරිගණකයෙන් ඉවත් කරන්නේ..

  • සමහර Malware Applications Control Panel එක වෙත ගොස් Uninstall කර හැකියි.
  • antimalware tools එකකින් හෝ Virus Guard එකක් මගින් Scan කරද Malware ඉවත් කල හැකියි

කොහොමද පරිගණකය Malware වලින් ආරක්ෂා කරගන්නේ

  • අනිවාර්යෙන් පරිගණකයට Virus Guard එකක් දමාගන්න.
  • නොදන්නා Email වල ඇති Attachements Open නොකරන්න.
  • Trusted නොවන Sites වලින් Software applications download නොකරගන්න.
  • OS එක හා SOftware Update කරන්න.
Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *