Tripod කියන්නේ Photography කරන අයට ඉතාමත් වැදගත් වන උපකරණයක්. ඉතින් කොහොමද මේ Tripod එක නිවැරදිව Use කරන්නේ ? ඔන්න අපි අද අරන් ඇවිත් තිබෙනවා ඒ පිලිබඳ article එකක්.

1. Tripod එකක් මිලදී ගැනීමේදී ඔබේ Camera එකේ බරට සරිලන Tripod එකක් මිලදී ගන්න.

2. Tripod එක Use කරන සෑම විටදීම Level Ground එකක් ඒ සඳහා තෝරාගන්න.

3. Tripod එක use කරන විට Tripod එකේ කකුල් 3නම විහිදිය හැකි උපරිම පළල දක්වා විහිදන්න.

4. Tripod එකේ උස වැඩි කරගැනීමට අවශ්‍යය විට මුලින්ම කකුල් 3නෙහි උස වැඩි කර එවා Lock කර ඉන් පසු එකේ Center Bar එකේ උස වැඩි කරන්න.

5. Tripod එක හොඳින් adjust කරන්න. Camera එක නොසෙල්වෙන හා නොවැටෙන පරිදි එහි ඇන හොඳින් තද කරන්න.

6. Tripod එක level කිරීම සඳහා spirit level එක අනිවාර්යෙන් use කරන්න.

7. තද සුලං තිබෙන අවස්ථාවක Tripod එක Use කරනවා නම් එහි මැදින් බරක් එල්ලා තබන්න.

Tripod එක භාවිතයේ වාසි

1. කැමරා සෙලවීමකින් තොරව long exposure shoot කිරීමට Tripod එකක් අවශ්‍යය වේ.

2. Shutter Speed එක 1/60 වඩා අඩුකර Sharp Image එකක් ලබා ගැනීම සඳහා Tripod එකක් අවශ්‍යය වේ.

3. Tripod එක Level කිරීමෙන් පසු ඔබට නැවත Camera එක ඇල වීම පිළිබඳ සෙවිය යුතු නැත.

4. Still Photogrphy, portraits හා Product Shoot සඳහා Tripod එක ඉතාමත් වැදගත් වේ.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *