2019 වර්ෂය අරම්භය Google සමාගමට එච්චර හොඳ උනේ නම් නැහැ. ඒ හිටිහැටියේම ආපු භයානක අරන්ංචිය නිසා. ඒ තමයි පින්තුරයක් ලෙස පැමිණ Android Phone වලට ඇතුලු වන අමුතු මැල්වෙයාර් එකක් පිළිබඳව. අපේ අපි හැමෝම දන්න භාශාවෙන් කිව්වොත් වයිරස් එකක්.

මෙය දැනගත් වහාම Google සමාගම විසින් Android Smart Phone වල Security Update කිරීම අරම්භ කරනු ලබුවා.. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉහත කී Malware එක හා තවත් ඒ ආකාරයේ ප්‍රශ්ණ 42කට මුහුණ දීමට ඔවුන්ගේ Android Security ජාලය ශක්තිමත් කිරීමයි..

නමුත් බිය විය යුතු කාරණාව තමයි තිබෙන අරංචි මාර්ග අනුව Google සමාගම තවමත් 100% ම නිවැරදි පරිදි Update එම එක සිදු කර නොමැති බවත් ඔවුන් තවමත් එය update කරමින් තිබෙන බවයි විදෙස් Social Media News කරුවන් පවසන්නේ..

මෙම Malware එක ගැන කියනවා නම්, මෙය පැමිණෙන්නේ PNG Image file එකක් විදිහට. Google සමාගමෙන් පවසන පරිදි එම Image එක open කිරීමෙන්එ ම Image එක තුලට ඇතුල් කර ඇති Code එක ක්‍රියාත්මක වී අදාල malware එක දුරකථනයට ඇතුල් වන බවයි.

Android 7.0 හා ඉන් ඉහළ Android Virsion වලට මෙම malware එක ඇතුල් විය හැකි විය හැකි බවයි Google සමාගම පවසන්නේ..

මෙම Malware එකෙන් ආරක්ෂා වීම සඳහා,

ඔබ නොදන්නා Email ID එකකින් SMS එකකින් හා Messaging Apps වල ඔබ නොදන්නා නම් හෝ නම්බර් වලින් පැමිණෙන Message open කිරීමෙන් වලකින්න. එම හෝ පණිවිඩ Open කිරීමකින් තොරව Delete කර දමන්න.

ඊට අමතරව ඔබේ දුරකථනය, ඔබ බාවිතා කරන Messaging Apps හා ඔබේ දුරකථනයේ Security Version එක නවතම Version එකට update කර තබා ගන්න.

Tech ලෝකයේ තවත් මෙවැනි වැදගත් තොරතුරු දැනගනීම සඳහා අපගේ Facebook පිටුවට Like කර දිගටම අපත් සමග රැඳී සිටින්න. ස්තූතී…

Add Your Comments
Similar Posts