මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ Samsung සමාගම වෙත. ඒ මොකද කියනවා නම් ඔවුන්ගේ නවතම Smart Phone එක වන Samsung S10 එළිදැක්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.
විචාරකයින් පවසන අන්දමට Smart Phone ලොවේ ලොකු පෙරළියක් ඇති කිරීමට මෙය සමත් විය හැකි බවයි ඔවුන්ගේ අදහස.

කලින් අවුරුද්දේ ඔවුන් නිකුත් කල S8, S9 වලට වඩා හාත්පසින්ම වෙනස් නවතම තාක්ෂණය ඇතුලත් Phone එකක් ලෙස මෙම S10 හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු දැනට S10 දුරකථනයේ ලීක් වෙලා තියන Specifications
ටිකක් පිළිබඳව.

මෙම දුරකථනයෙන් අනෙකුත් Device Wireless ලෙස Charge කිරීමේ හැකියාව පවතින බව පැවසෙනවා..
ඊට අමතරව මෙහි කහ පාට හා සුදු පාට phone එකේ Photos මේ වන විට leak වෙලා තියනවා..
ටෙක් විචාරකයින් පවසන අන්දමට මෙහි කැමරා එකෙන් 4K වීඩියෝ Shoot කිරීමේ හැකියාවද පවතිනවා..

Screen fingerprint sensor තාක්ෂනය සමගින් Snapdragon 855 chipset ලොව ප්‍රථම දුරකථනය ලෙස මෙය වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි. ඊට අමතරව මෙහි S10 Plus, S10 Lite, S10 E ලෙස Version කිහිපයක් නිකුත් වීමට නියමිතයි.

දැනට වී ඇති තොරතුරු අනුව S10 හි Specifications,

Screen size: 6.1-inch
Screen resolution: 1440 x 3040
Screen aspect ratio: 19:9
Rear cameras: 12MP, 16MP, 13MP
Front cameras: single camera
Chipset: Exynos 9820/Snapdragon 855
RAM: 8GB/12GB
Storage: 128GB-1TB
OS: Android 9 Pie

මෙම වසරේ පෙබරවාරි මස 20 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට San Francisco වලදී මෙය එළි දැක්වීමට නියමිතයි. එළිදැක්වීමෙන් පසු මාර්තු 8 වන දින වන විට මෙම වෙළඳපොලට නිකුත් කිරීමට සැම්සුන්ග් සමාගම සැරසෙන
බවයි අරාංචි මාර්ග පවසන්නේ.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *