UPS එක කියන්නේ ඉතින් අපේ Desktop Computers වල වැඩ කරන set එකට නම් ඉතින් සුපිරියටම වටින භාණ්ඩයක්. UPS පාවිච්චි නොකරන අය සහ පවිච්චි කරන දෙපිරිසම දන්නවා UPS එකේ තියන ඉහළ වැදගත් කම.

ඉතින් මේ UPS භාවිතා කරන බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්ණයක් තමයි UPS එක ආයු කාලය ඉතාම සීමිත වීම. ඉතින් අද අපි අරන් ඇවිත් තිබෙන්නේ මෙම UPS එකේ ආයු කාලය වැඩි කරගැනීමට අනුගමනය කල යුතු කරුණු පිළිබඳවයි. ඉතින් මේ කරුණු ටික අනුගමනය කළොත් සාමාන්‍යයෙන් වසර 2ක් 3ක් පමණ කාලයක් ඔබට UPS එක බාවිතා කරන්න පුළුවන්.

විදුලිය බ්ඳ වැටීමෙන් පසු UPS Battery එක අවසන් වන තුරුම පරිගනකය බාවිතයෙන් වළකින්න.

පරිගණකය ඇරෙන්නට අනෙකුත් විදුලිය වැය වන කිසිදු උපකරණයක් UPS එක සමග සම්බන්ද කිරීමෙන් වළකින්න. (උදා- ප්‍රින්ටර්, ස්පීකර්ස්, ආදිය ).

විදුලිය විසන්දි වීමෙන් පසු ඔබ නිරත වෙමින් සිටි වැඩ සියල්ලම Save කර පරිගණකය වසා දමන්න.

ඔබ අලුතෙන්ම UPS එකක් මිලදී ගත් විට එය කිසිදු උපකරණයකට සව් කිරීමට කලින් පැය 12ක් පමණ විදුලියට සම්බන්ද කර තබන්න.

ඔබ UPS එක බාවිත නොකරන්නේ නම් එය අවම වශයෙන් පැය 8ක් වත් Charge කර විදුලිය ව්සන්දි කර තැබිය යුතුය.

අලුත් බැටරියක් ගන්නේ නම් හොඳ ධාරිතාවයක් ඇති බැටරියක් මිලදී ගන්න.

ඔබ UPS එකක් මිලදී ගන්නේ නම් බැටරිය මාරු කල හැකි UPS එකක් මිලදී ගැනීමට වග බලා ගන්න.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *