webtec srilanka lifi technolody

Wi-Fi තාක්ෂණයේ මීලඟ පියවර නොහොත් Li-Fiගැන අද අපි කථා කරමු.
මීට කාලෙකට කලින් අපිට මතකයි අලෝක තරංග හරහා දත්ත ප්‍රවාහනය කිරීමේ සූදානමක් පිළිබඳව. ඉතින් ඔන්න දැන් ඒක හැබෑවක් වෙලා තිබෙනවා.. ඒ තමයි Li-Fi .මෙයින් අදහස් වන්නේ Light Fidelity කියන තාක්ෂණයයි.

මෙහිදී මේ Li-Fi වලදී දත්ත සම්ප්‍රේශණය සිදු වන්නේ LED මගින්. එම නිසාම මෙය Visible Light දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක් ලෙස සලකනවා.. මෙම තාක්ෂණයේ නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ මහාචාර්ය Harald Haas මහතායි.

මෙහිදී දත්ත සම්ප්‍රේශණය වන්නේ ආලෝක තරංග මගින්. එම ආලෝක තරංග ඇති කිරීම සඳහා යොදා ගන්නේ දීපතිමත් LED විදුලි බුබුළු වේ..
නැනෝ තත්පර කුඩා ගණනක් ඇතුළත මෙම LED නිවීමට හා දැල්වීමට සැලැස්වීමෙන් මේම ආලෝක තරංග නිර්මාණය කරනු ලැබේ. එම දත්ත සම්ප්‍රේශණය වන ආලෝක තරංග ප්‍රතිග්‍රහනය කරගනු ලැබෙන්නේ silicon photodiodes නම් Photo Ditectorයක් තුලින්.. මේ හරහා සාර්ථකවම 1, 0 යන දත්ත සම්ප්‍රේශණය කල හැකියි.

Wi-Fi වලදී අප යොදා ගනු ලබන්නේ රේඩියෝ තරංග, නමුත් Li-Fi වලදී බාවිතා කරනුයේ ආලෝක තරංග.. ඉතින් එම නිසා මෙම Li-Fi , Wi-Fi වලට වඩා ඉතාමත්ම වේගවත්.

Li-Fi Technology

ඊට අමතරව රේඩියෝ තරංග යොදාගැනීමට නොහැකි තැන් වල පවා (විද්‍යාගාර, විකිරණශීලී පරිසර ) මෙම Li-Fi යොදාගනිමින් අපට දත්ත සම්ප්‍රේශනය කරගත හැකියි.

ඉතින් ලොකයේ දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණයේ මීලඟ විශාලතම පියවර ලෙස මෙම හඳුන්වන්න පුළුවන්.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *