මෑතකදී සමාජ ජාල වල #AgeChallange ( Face App Challange) එක ලැව් ගින්නක් සේ පැතිර යමින් ඇත. මේ වන විට බොහෝ දෙනෙකුම මෙම රැල්ලට හසු වී හමාරය.

මෙම Face App එක හරහා දුරකථනයේ ඇති සියළුම දත්ත සහ සියළුම ඡායාරූප සොරා ගැනීමක් සිදු වෙමින් පවතින බවට මේ වන විට ලොව පුරාම රාවයක් පැතිර ගොස් තිබේ. ඒ මෙම App එකෙහිම නිර්මාතෘ වරයෙකු විසින් ටිවිටර් පණිවිඩයකින් මෙම APP එක පරීශීලනය කරන්නන් හට අවවාද කිරීමෙන් පසුවය.

මෙම App එක නිර්මාණය කල සමාගම මෙම App එකට පරිශීලකයන් Upload කරනා ඡායාරූප තබාගන්නා කාලයත්, App එක මගින් ඒ අදාල දුරකථන හෝ Device වල Access කරන ස්ථාන පිළිබඳවත් හා මෙහි ආරක්ෂිත පියවරවල් පිළිබඳ නිශ්චිත ලෙස තොරතුරු දැක්වීමට අපොහොසත් වීමෙන් පසුව මෙම තත්වය උද්ගත වී ඇත

ඉතින් ඔබත් මේ රැල්ලට හසු වී ඇති නම් වහාම Face App එක ඔබේ Device එකෙන් ඉවත් කොට තමගේ Device එකට ඇතුළත්කර ඇති, Facebook, Email Passwords හා Device Passwords මාරු කරගන්න. .

මින්පසු සමාජ ජාල තුල මොනයම් හෝ රැල්ලක් ඇති වී තිබුනත් ඔබත් ඒ රැල්ලට හසුවීමට පෙර හොඳින් පරීක්ෂා කාරී සහ ආරක්ෂාකාරී වන්න.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයත් මේ වන විට ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ටත් අනතුරු අඟවා ඇත.

හැකි පමණින් ඔබේ මිතුරනුත් මේ පිළිබඳ දැනුවත් කරන්න

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *