Facebook එකේ අලුත් අප්ඩේට් එකත් සමග Facebook එකට අලුත් අංගයක් එකතු වී තිබුනා. ඒ තමයි Off-Facebook activity කියන එක. බොහෝමයක් අය ගොඩක් බය වෙලා එක එක මත ප්‍රකාශ කරන්න ගත්තා මේ ගැන. දැන් අපි බලමු ඇත්තටම මේ Off-Facebook activity කියන්නේ මොකක්ද කියලා

මොකක්ද මේ Off-Facebook activity කියන්නේ සහ මොනවද facebook එක එයින් ලබා ගන්නේ

අපි සාමාන්‍යයෙන් Facebook එකෙන් පිටත සිදුකරන Online Activities ඒ කියන්නේ අපි යන වෙබ් අඩවි, අපි බාවිත කරන Apps ආදිය, අපි Online හොයන දේවල්, අපි Follow කරන brands, අපි Online Purchase කරන දේවල් වල සාරාංශයක් ඒ කියන්නේ Facebook එකෙන් පිටත අපේ online හැසිරීම පිලිබඳ සාරාංශයක් ලබා ගැනීම තමයි මේකෙන් සිදු වන්නේ..

කොහොමද Facebook මේ දත්ත ලබා ගන්නේ

ඔබ දැකල ඇති සමහර වෙබ් අඩවි සහ සමහර apps ආදිය ඔවුන්ගේ ඇප් /website වෙත පිවිසීමට ඔබගේ facebook login එක භාවිත කරන අවස්ථා.
ඉතින් අන්න ඒ වගේ online ව්‍යාපාර Facebook වෙත ඔබේ online හැසිරීමේ සාරංශයක් යවනවා.. ඊට අමතරව ගොඩක් ඩිජිටල් මාකටින් කරන අය නම් දන්නවා ඇති මාකටින් කැම්පේන් කරන කොට use කරන Facebook pixel, SDK Tools සහ වෙනත් Facebook tools වලින් අපේ මේ online හැසිරීමේ සාරාංශ facebook වෙත යැවෙනවා..

ඒ කියන්නේ සාරාංශයක් විදියට Facebook business tools සහ තම platforms වලට ඇතුළුවීමට facebook login use කරන සියළු ව්‍යාපාර facebook වෙත මෙම සාරංශය යවනු ලබනවා.

බය උනා නේද.. බය වෙන්න එපා Facebook ඔයාගේ අනවශ්‍ය දේවල ගන්නේ නෑ.. Username, passwords, bank card numbers ඒ කිසිම දෙයක් ගන්නේ නැහැ.

මොනවද Facebook මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..

මේකත් Facebook සමාගමේ එක Business Trick එකක් තමයි. ඒ කියන්නේ ඔයාලා දැකල ඇති facebook use කරන කොට අපිට විවිදාකාරයේ sponsored ads පෙන්නනවා… සමහර ඒවා අපිට වැඩකුත් නෑ.. ඉතින් අන්න ඒ වැඩකට නැති Ads නොපෙන්වා ඉන්න තමයි මේ facebook මේ කරන්න හදන්නේ.. ඒ කියන්නේ අපිට අවශ්‍යම සහ අපිට වැදගන් යැයි හිතෙන ADS විතරක්පෙ න්නන තමා facebook මේ ක්‍රමය බාවිත කරන්නේ..

මේක ඇත්තරම හොඳ වාසියක්. එකක් තමයි අපිට වැදගත් නැති ADS නොපෙන්වන එක. අනිත් එක තමයි බොහෝමයක් Online Advertising කරන සමාගම් වලට තමන්ගේ AD එක ගැලපෙනම Audiance වලට පෙන්නලා හොඳ ප්‍රතිචාර ලබා ගත හැකි වීම.

ඔබට ඕන නම් මේ Off-Facebook activity කියන Opton එක off කරගන්නත් පුලුවන්.

Settings & Privacy > Settings > Your Facebook Information > Click Off-Facebook Activity > Manage Your Off-Facebook Activity
or
Settings > Your Facebook Information > Off-Facebook Activity > Manage Your Off-Facebook Activity

දැන් ඉතින් Off-Facebook activity off කරගෙන මම නම් Facebook Tracking එකෙන් බේරුනා කියලා කයිවරු ගහන්න හදන්න එපා. මොකද Google එකෙන් ඔබව ඔයිට වඩා දරුණු විදිහට ට්‍රැක් කරනවා.. එයාලා Facebook වගේ ට්‍රැක් කරනවා කියලා ඔබට දැනුම් දෙන්නේවත් නැහැ.

Share පාරක් දාල අනිත් අයවත් දැනුවත් කරන්න..

(Visited 152 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *