ලොකු කුඩා කාටත් වැඩ කරන්න අවශ්‍ය වෙන Application එකක් තමයි Microsoft Word කියන්නේ..ඒත් ඉතින් Word වල වැඩ කරන විදිය කියෙන් කී දෙනාද හරියට දන්නේ.. ඉතින් අද ඉඳලා අපි ඔයාලට අරන් එනවා Microsoft Word වල හරියට වැඩ කරන විදිහ ගැන ලිපි මාලාවක්. ඔයාලත් එකතු වෙන්න..

අද අපි මුලින්ම Microsoft word open කරපුවාම එන home screen එකේ elements බලමු.

File Tab
මෙහි ඔබට අලුත් file එකක් විවෘත කරන්න, අලුත් Document එකක් open කරන්න, save කරන්න, ඔබේ document එක print කරන්න වගේ වැදගත්වන ක්‍රියාදායමයන් සිදු කරගත හැකියි.

Quick Access Toolbar
මෙතනට ඔබට ක්‍රියාදාම කිහිපයක් එකතු කරගත් හැකි. පහසුවෙන්ම file එකක් save කරගන්න.. ඔබේ ලිපියේ පෙර කර ඇති ක්‍රියා වලට නැවත යන්න ඒ කියන්නේ Undo, Re-do කරගන්න වගේ ක්‍රියා ලෙහෙසියෙන්ම මෙතනින් සිදු කරගත හැකියි.

Ribbon
මෙහි අපිට MS word තුල වැඩ කරගෙන යද්දි අවශ්‍ය වන සියළුම Tools ඇතුලත් කරල තියනවා. එක තුල අපිට Tabs, Groups, Commands දැකගත් හැකියි.

Tabs
Home, Insert, Draw, Design, layout, etc.. යන ආකාරයේ tabs අපිට මෙහි දැකගත හැකියි

Groups
ඒ ඒ අදාල tab එක තුළ අපිට වැඩ කරන්න අවශ්‍ය tools පෙලගස්වා ඇත.

Commands
Groups තුල තිබෙන ක්‍රියාදාමයන් මෙයට අදාල වේ.. උදාහරණයක් ලෙස home tab එක තුළ ඇති අකුරු වලට පාට දැමීම command එකක් වේ..

Title Bar
අප වැඩ කරන document එකේ නම දිස් වන්නේ මෙහි වේ.

Ruler
ඔබ කරන document එකේ දිග පලල සහ, ඔබ එයට ඇතුළු කරන දේවල් වල Alignment එක බලාගැනීම සඳහා මෙය වැදගත් වේ.

View Buttons
මෙය මගින් එක ආකාර කිහිපයකට බලාගත හැක. ඒ
Print Preview – මෙය පිටු මුද්‍රණය කරන විට දිස්වන ආකාරයටම පෙන්වයි.
Full Screen Reading view – ලේඛනයේ සම්පූර්ණ තිර දර්ශනයක් ලබා දෙයි.
Web Layout view –වෙබ් පිරිසැලසුම් දසුන – ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වැනි වෙබ් බ්‍රව්සරයක් බැලූ විට ලේඛනයක් දිස්වන ආකාරය මෙයින් පෙන්වයි.

Document area
ඔබ එකත දත්ත ඇතුළු කරන පෙදෙස මෙම නමින් හැඳින් වේ..

Status Bar
මෙහි ඔබට එකට ඇතුලත් කර ඇති වචන් ප්‍රමාණය, පිටු ප්‍රමාණය, භාශාව පෙන්නුම් කරනු ලබයි

Dialog box
මෙය රිබනයෙහි බොහෝ කණ්ඩායම්වල පහළ දකුණු කෙළවරේ ඉතා කුඩා ඊතලයක් ලෙස පෙනේ. මෙම බොත්තම ක්ලික් කිරීමෙන් අදාල group එක පිළිබඳ තවත් විකල්ප ලබා දේ.

ඉතින් දැන් ඔබත් MS word on කරගෙන ඉහත සඳහන් කර ඇති option එකින් එක ගිහින් බලන්න.. මීලඟ ලිපියෙන් අපි MS Word හි වැඩ කිරීමේ මූලික පියවර පිළිබඳ කතා කරමු.

(Visited 54 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *