ඔබ Hacker වරයෙකු වෙන්න සිහින දකිනවා නම් එක හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳ Hacker කෙනෙක් වෙන්න ඔබට Computer Programming, Internet, Security systems & tools පිළිබඳව මනා දැනුමක් සහ තාක්ෂණ ලෝකයේ ප්‍රශ්ණ විසඳීමට මනා කුසලතාවය තිබිය යුතුයි.

මෙම ලිපියෙන් අපි ඔබට හැකර්වරයෙකු ලෙස දැන සිටිය යුතු පොදු ක්‍රමලේඛන භාෂා සහ කුසලතා පිළිබඳව හඳුන්වා දෙන්නෙමු.

මොකක්ද මේ programming language එකක් කියන්නේ

programming language එකක් කියන්නේ පරිගණක වැඩසටහන්, මෙහෙයුම් පද්ධති නිපදවීම සඳහා යොදා ගනු ලබන language එකකි.

ඇයි ඔබ programming language ඉගනගත යුත්තේ

හැකර් නිතරම තාක්ශණය උපයෝගී කරගනිමින් ප්‍රශ්ණ විසඳන අතර ඔහු එයට ගැලපෙන Tools නිපදවනු ලබයි. ඉතින් නිතරම පරිගණක පද්ධති සමග ගැටෙන විට පරිගණක පද්ධති නිපදවා ඇති programming language පිළිබඳව අවබෝදය ඉතාම වැදගත්.

ඒ වගේම Hacker වරයෙකුගේ ක්‍රියාදාම Automated වන තරමට ඔහුගේ රහස්‍ය බාවය සුරැකේ. ඉතින් ඔහුට මෙම Tools , Automated ක්‍රියාදාම නිර්මාණය සහ පරිගණක පද්ධති පිළිබඳව අවබෝදය ඇති කරගැනීමට programming language  දැන ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

හැකර් කෙනෙකු වීමට ඉගනගත යුතු  programming language

මෙය බොහෝ විට ඔබ target කරන computer systems and platforms  මත වෙනස් වේ. උදාහරණයක් ලෙස Visual Basic Classic (3, 4, 5, and 6.0)  යෝදා ගනු ලබන්නේ Windows OS එකට අදාල නිර්මාණ සඳහා පමණි. ඊට අමතරව ඔබේ අවධානය Linux OS සඳහ යොමු වනවා නම් ඊට ආවේණික වෙනම languages ඉගන ගත යුතුය. දැන් අපි බලමු මේ languages කිහිපයක් සහ ඒවා Hacking වලට වැදගත් වන ආකාරය.

HTML : Language used to write web pages | PURPOSE : Web hacking

වෙබ් අඩවි වල Login forms සහ Data Entry forms නිර්මාණය කර තිබෙන්නේ HTML බාවිතයෙන්. HTML පිළිබඳ දැනුම ඔබට ඒ ඒ ආදාල Coding නිර්මාණයට සහ දුර්වලතා හඳුනාගැනීමට ඉතා වැදගත්.

JavaScript : Client side scripting language | PURPOSE : Web hacking

Client Browser මත ක්‍රියාත්මක වේ. Saved Cookies බලන්න සහ cross site scripting වලට use කරගනු ලබනවා.

PHP : Server side scripting language | PURPOSE : Web hacking

PHP යනු වැඩිපුරම භාවිතා වන වෙබ් ක්‍රමලේඛන භාෂාවකි. එය HTML ආකෘති සැකසීමට භාවිතා කරන අතර වෙබ් සැකසුම් වෙනස් කරන සහ වෙබ් සැකසුම් ප්‍රහාරයන්ට ගොදුරු විය හැකි පරිදි Coding ලිවිය හැකිය.

SQL : Used to communicate with database | PURPOSE : Web hacking

දුර්වල වූ වෙබ් Logins ඇල්ගොරිතම සහ Data Stores මකා දැමීම යනාදියට භාවිතා කරයි.

Python,Ruby,Bash,Perl : High level programming languages | PURPOSE : Building tools & scripts

C & C++ : High level programming | PURPOSE : Writing exploits, shell codes, etc.

Java, CSharp, Visual Basic, VBScript | Java & CSharp are cross platform. Visual Basic is specific to Windows

Programming languages වලට අමතරව හැකර් කෙනෙකුට තිබිය යුතු අනෙකුත්  Skills

Data එකතු කරගැනීම සඳහා Internet සහ Search Engines පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුයි.

Linux මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකට යොමු වී සෑම Linux පරිශීලකයෙකුම දැනගත යුතු මූලික විධානයන් දැන ගන්න.

පුහුණුව හැකර් වරයෙකු පරිපූර්ණ කරයි, හොඳ හැකර් කෙනෙක් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර හැකර් ප්‍රජාවට ධනාත්මක දායකත්වයක් ලබා දිය යුතුය.

ඉතින් අද ලිපියේ අහන්න තියන ප්‍රශ්ණ පහළින් Comment කරන්න… අපේ මීළඟ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ Ethical Hacking සඳහා හොඳම Tools 20ක් පිළිබඳවයි.

පසුගිය ලිපිය කියවන්න : COMPUTER SYSTEM PROTECTION

(Visited 332 times, 1 visits today)
Similar Posts