අද අපි කථා කරන්නේ එකේ ලංකාවේ ගන්න තියන තවත් හොඳ  ගත්තට පාඩු නැති Laptop එකක් ගැන. ඒ තමයි Hp Probook 450 G7 Laptop එක.

15inch Display එකකින් සමන්විත Professional look එකක් තියන Laptop එකක් කිව්වොත් නිවැරදි.

වැඩි කතා නැතුව මුලින්ම අපි Specs ගැන බලමු.

CPUIntel Core i7-10510U Intel Core i5-10210U Intel Core i3-10110U
GPUNVIDIA GeForce MX250 (25W) NVIDIA GeForce MX130 (2GB GDDR5) Intel UHD Graphics 620 Intel UHD Graphics
Display15.6”, HD (1366 x 768), TN 15.6”, Full HD (1920 x 1080), IPS
HDD/SDDup to 1000GB SSD + up to 2000GB HDD
RAMup to 64GB
OSWindows 10 Pro, Windows 10, No OS, Windows 10 Home
Battery45Wh, 3-cell
Dimensions364.9 x 256.9 x 19 mm (14.37″ x 10.11″ x 0.75″)
Weight2.00 kg (4.4 lbs)
Body MaterialPlastic / Polycarbonate

තරමක Slim පෙනුමක් ඇති මෙය අතේ ගෙනයාමටත් හොඳ පහසුවක් තිබෙනවා. මෙහි තවත් එක් විශේෂාංගයක් නම් IR face recognition system එකක් මෙහි අඩංගු වනවා. ඊට අමතරව Finger Print System එකකුත් තිබෙනවා.

Key board එකට back light එකක් අඩංගු වේ. key board එකේ දිග, පළල, keys පිහිටා ඇති දුර සමග බලන විට office වැඩ සඳහා හොඳ laptop එකක් බව කිව හැක.

ඒ වගේම මෙහි පහළ තහඩුවේ වාතය ඇතුල් කිරීමේ ග්‍රිල් පමණක් ඇති අතර උණුසුම් වාතය වම් පැත්තෙන් පිටවී යයි. USB port 3ක් සහ SD Card Reader එකකුත් වගේම Rj45 හා HDMI port එකක් මෙහි අඩංගු වනවා.

ඒ වගේම මෙහි අපගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳවද සිතා PWM ඉවත් කිරීම පමණක් නොව, තිරයේ වර්ණ ප්‍රත්‍යක්‍ෂව නිවැරදිව තබා ගනිමින් ශරීරයට, ඇස් දෙකට  හානිකර Blue light විමෝචනය අඩු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔබට හොඳ වර්ණ ප්‍රතිනිෂ්පාදනය සහිත ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය නම් (Graphic design, Video Editing purpose)  මෙය ඔබට සුදුසු නොවේ. මොකද මෙය ආවරණය කරන්නේ RGB වලින් 53% ක් පමණක් වේ.

Gaming වලටත් යම්තාක් දුර මේ Laptop එක සාධාරණය ඉටු කරනවා. මෙහි රත් වීම ඉතා අඩුයි. 44c දක්වා රත් වූවත් slow වීමක් හෝ කිසිවක් සිදු නොවේ. මෙහි මිල ශ්‍රී ලංකාව තුළ Rs. 133,000.00 පමණ වනවා

HP ProBook 450 G7 15.6" i5-10210U 8GB 256GB SSD W1 9WC58PA ...

ඉතින් ලිපිය ඇති දේවල් ගැන ප්‍රශ්ණ සහ මීලඟ ලිපි වලින් අපි කතා කරන්න ඕන දේවල් තියනවා නම් පහළින් Comment කරන්න. ඔයාලගේ යලුවන්ටත් බලන්න සහ WEBTec අපිටත් දෙන support එකක් විදිහට Article එකත් share කරන්න.

(Visited 44 times, 1 visits today)
Similar Posts