පිරිසිදු වතුර බොන එක දැන් අනිවාර්යය දෙයක්. ලොව හැම ජල උල්පතක්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා දැනටමත් අපිරිසිදු වෙලා ඉවරයි. බැක්ටීරියා, වෛරස් මේ ජලයේ පිරිලා.

ඉතින් වෛද්‍යවරු නිතරම කියන්නේ වතුර බොන්න කලින් හොඳට උණු කරගන්න කියලා, නැති නම් ෆිල්ටර් මැෂින් එකකින් ගන්න කියලා. ඒත් ඉතින් හැම වෙලේම මේ වැඩේ ප්‍රැක්ටිකල් මදි.

ලංකාවේ නම් අපි ටැප් වතුර තමයි ගොඩක් බොන්නේ. ඉතින් මේ ජලයේ බැක්ටීරියා , වෛරස් තියෙන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම එහෙමයි.

ඉතින් ඔන්න ඔය ප්‍රශ්ණයට පිළිතූරක් ලෙස තමයි මේ ජලය Auto පිරිසිදු වෙන වතුර බෝතලේ නිපදවා තිබෙන්නේ. ඒ LARQ Self-Cleaning Water Bottle.

මේ බෝතලය තුල වතුර පිරිසුදු වෙන්න environmentally-friendly UV-C technology එක තමයි පාවිච්චි කරල තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ වතුරේ බොතලේ ඕන තරම් කාලයක් බාවිතා කරන්න පුළුවන්.

UV-C LED technology එක ජලයේ හැම අංශු මාත්‍රයක්ම හරහා යන විදියට තමයි මේ බෝතලේ ඇතුල නිර්මාණය කරල තිබෙන්නේ. UV-C technology මගින් ජලයේ ඇති වෛරස්, බැක්ටීරිය 99.9% ම විනාශ වෙලා යනවා.

දැන් අපි බලමු මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි මේ water bottle එක Full චාර්ජ් කරගන්න ඕන. මෙය USB මගින්ද චාර්ජ් කරගන්න පුළුවන්.

Full charge වූ පසු මෙයට අපි ජලය එක් කර Clean Button එක Press කර ජලය පිරිසිදු කර ගත හැක. එක් වරක් Clean button එක Press කල විට ජලය Normal mood එකෙන් පිරිසුදු වන අතර දෙවරක් Button එක press කිරීමෙන් Adventure mood එකෙන් ජලය පිරිසිදු වේ.

Adventure mood එක තිබෙන්නේ ඔබ මිනිසා විසින් නිපදවා නැති ජල පෝෂකයකින් ජලය ගත් ජලය පිරිසිදු කිරීම සඳහා වේ. . (උදාහරණ: ගංගා, දොල පාරවල්, වැව්)

ජලය පිරිසිදු කිරීම සඳහා මෙයට ගතවන්නේ තත්පර 60ක් වැනි සුළු කාලයකි. ජලය පිරිසිදු වී අවසන් වූ විට එය බෝතලයේ ඇති බල්බයක් දැල්විම මගින් නිරූපණය කරයි.

සමාන්‍යයයෙන් පැය 12 පමණ මෙයට දැමූ ජලය එකාකාරී උෂ්ණත්වයකින් පවත්වා ගැනීමට හැකි වේ. ඒ වගේම පැය 2කට වරක් තත්පර 10 බැගින් මෙහි ජලය Automaticaly පිරිසිදු කිරිමේ ක්‍රියාවලිය සිදු වේ. මෙහි මිල සඳහන් වන්නේ $95 ලෙසයි.

(Visited 180 times, 1 visits today)
Similar Posts