Smart Phone use කරන හැමදෙනාම වගේ බාවිතා කරන app එකක් තමයි whatsapp කියන්නේ. Messaging app එකක් විදියට මුළු ලෝකයේම ප්‍රසිද්දම app එක කිව්වොත් නිවැරදියි. Facebook සමාගම හිමිකම් කියන මෙම WhatsApp හි Tips සහ Tricks 10 පිළිබඳව තමයි WebTec Sri Lanka අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ.

අදාල Message එකට Reply කරමු.

Whatsapp conversation එකක් කියන්නේ ඉතින් ඉතාමත් දිගු එකක්. සමහර Message වලට Reply එක දාන්න පරක්කු උනාම බලන කෙනාට හොයාගන්නත් බෑ ඒ Reply එක මොන Message එකට ආපු Reply එකක්ද කියලවත්. නමුත් ඔබට Whatsapp එකේ අදාල message එකට පමණක් reply කරන්න පුළුවන්. ඔබට reply කරන්න අවශ්‍යය message එක click කරගෙන ඉඳල එන option වලින් ඔබට එයට පමණක් reply කරන්න පුළුවන්.

වැදගත් Chat උඩට Pin කරගනිමු.

Whatsapp එක තුළින් ඔබ බොහෝ විට contacts රාශියක් සමග chat කරනවා. ඉතින් සමහර වෙලාවට ඔබට වැදගත් chat එකක් හොයාගන්න එක අමාරු වෙන්න පුළුවන්. එකට විසඳුමක් ලෙස ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි chat එක උඩ click කරගෙන ඉදලා popup වෙන option තුළින් ඔබට එම chat එක උඩටම pin කරගන්න පුළුවන්.

Chat Background එකට wallpaper එකක් දාගමු.

හැමදාම එකම background එකක් බලාගෙන chat කරන එකත් එපා වෙනවා නේද. එත් එහෙම නෑ ඔයාලා කැමති wallpaper එකක් chat background එකට දාගන්න පුළුවන්.

Settings > Chats > Chat Wallpaper > Choose Wallpaper Library ගිහින් ඔබට wallpaper එකක් change කරගන්න පුළුවන්.

හොයාගන්න අමාරු Message Search කරමු.

Chat එකේ අවශ්‍යය message එකක් හොයාගන්න ගියාම ගොඩාක් උඩට scroll කරන්න ඕන. එත් ඉතින් whatsapp වල එහෙම කරන්න ඕන නැහැ. Whatsapp එකේ chat එක උඩ ඔබට search icon එකක් බලාගන්න පුළුවන්. එතන ඔබට හොයාගන්න අවශ්‍යය message එකට අදාල සහ ඔබට මතක කොටසක් තිබෙනවා නම් එය search bar එක මත type කරලා අදාල message එක හොයාගන්න පුළුවන්.

Live Location එක Whatsapp වලින් share කරමු

Whatsapp එකේ message type කරන text box එක අසල ඔබට “Plus mark icon” එකක් හෝ “attachment pin icon” එකක් බලාගන්න පුළුවන්. එය click කිරීමෙන් open වන tab එක තුළ ඇති location click කර ඔබ සිටින live location එක යහළුවන් සමග share කරන්න පුළුවන්.

Chat සඳහා ඔබ වැය කර ඇති Data ප්‍රමාණය සොයාගමු

Settings > Data and Storage Usage > Storage Usage වෙත ගොස් ඔබ එක් එක් පුද්ගලයා සමග chat කිරීමට වැය කල ඇති Data ප්‍රමාණය බලාගන්න පුලුවන්. Text, Images, GIF , Videos, Documents වලට වැය වී ඇති Data ප්‍රමාණය මෙහි පෙන්නුම් කරනු ලබයි.

Text Bold සහ Italic කරලා Message යවමු.

ඔබට text එක Bold කරන්න ඕන නම් text එක දෙපසට “ * ” icon එකතු කරන්න (*text*). ඔබට text එක italic කරන්න ඕන නම් text එක දෙපසට “_” එකතු කරන්න. ( _text_).

රහසිගතව ආරක්ෂිතව chat කරමු.

ඔබ යම් කෙනෙකු සමග සිදු කරන chat එක රහසිගතව හෝ ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍යය නම් ඔබට එම අදාල chat එක කරගත archive හැකි. Chat එක මත long click කරගෙන සිටින විට ඉහල open වන archive icon එක click කිරීමෙන් ඔබට එම අදාල chat එක archive කරගත හැකියි.

Group එකක Message එකකට Private Reply කරමු

Group chat එක තුළ ඔබට private reply කරන්න අවශ්‍යය message එක මත long click කරගෙන සිටින්න. එවිට open වන tab එක තුල reply privately කියන එක බලාගන්න පුළුවන්. එතන click කරල ඔබට ඒ අදාල message එකට private reply කරන්න පුළුවන්.

Photos , videos auto download වෙන එක නවතා data ඉතුරු කරගනිමු.

Whatsapp බාවිතා කරන අයට තියන ප්‍රශ්ණයක් තමයි whatsapp එකට එන photos, video auto phone එකට download වීම. ඉතින් ඒක අපිට නතර කරගන්න පුළුවන්. Settings > Data and Storage Usage > Media Auto-Download වෙත ගොස් photos, videos, documents select karala කරලා තියනවා නම් එවා unselect කරලා auto download වෙන එක නතර කරන්න පුළුවන්.

ලිපිය පිළිබඳ ඔයාලගේ අදහස්, ප්‍රශ්ණ පහළින් comment කරන්න. ඔබට දැනගන්න අවශ්‍යය තවත් කරුණු තිබේ නම් එයත් පහළින් comment කරන්න. යහළුවන්ටත් බලන්න සහ අපිටත් දෙන support එකක් විදියට article එක share කරන්න.

(Visited 85 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *