Hacking Tools කියන්නේ computer systems, web applications, servers, networks වල දුර්වලතා  හොයාගන්න බාවිතා කරන Computer programs සහ scripts වේ. අපි අද බලමු Ethical hacking සඳහා බාවිතා කරන Tools 10ක් පිළිබඳව.

Netsparker

Use කරන්න පහසු, Automaticallyම web application සහ web services වල SQL Injection, XSS සහ අනෙකුත් දුර්වලතා හොයා ගන්න පුළුවන් web application එකක් තමයි Netsparker කියන්නේ.

  • සාධක සහිතව නිවැරදිව අවදානම හඳුනාගත හැකි scanner system එකකි.
  • පැය 24 තුල web application 1000 පමණ කල හැක.
  • Bug tracking එකක් සහිත වේ.
  • Scanner එක automatically URL rewrite rules සහ දෝෂ සහිත pages හඳුනාගනී.

Acunetix

Fully automated solution එකක් වන මෙය අනවසරයෙන් පද්ධති තුලට ඇතුළු වන්නාට වඩා පියවර කිහිපයක් ඔබව ඉදිරියෙන් තැබීමට සමත් වේ. මෙහි scanner එක HTML5, JavaScript, Single-page applications යන සියළු දේ scan කර ඒවායේ දුර්වලතා හඳුනාගනිමින් එවා පිළිබඳ නිවැරදි දත්ත වාර්තාවක් ලබා දෙයි.

  • SQL Inhection, Xss සහ 4500කට වැඩි විවිධ වර්ගයේ දුර්වලතා හඳුනාගත හැක.
  • 1200 කට වැඩි wordpress core, plugins, themes වල දුර්වලතා සොයා ගත හැක.
  • ඉතාමත් වේගයෙන් පිටු දහස් ගණනක් scan කල හැක.
  • ඉහල සාර්ථකත්වයකින් යුතු tracking system සමග අනුබද්දිත වේ.
  • Cloud එකක් ලෙසද බාවිතා කළ හැක.

Intruder

Intruder යනු ඔබගේ නවීන තොරතුරු තාක්ෂණ පරිසරය තුළ ආරක්ෂක දුර්වලතා සොයා ගන්නා ප්‍රබල ස්වයංක්‍රීය ස්කෑනරයකි. එය අවදානම් පැහැදිලි කරන අතර ඒවාට පිළියම් යෙදීමට උපකාරී වේ.

  • 10000 කට වැඩි security checks ප්‍රමාණයක් සිදුකල හැක.
  • configuration weaknesses, missing patches, application weaknesses සොයාගත හැක.
  • බාවිතයට පහසු සහ වේගයෙන් වැඩකල හැකි interface එකකින් සමන්විත වේ.
  • නවතම ආරක්ෂිත දුර්වලතා හඳුනාගත හැක.
  • AWS, Azure, Google Cloud connectors ඇත.
  • CI/CD pipeline එකට API integration සිදුකල හැක.

SaferVPN

Ethical Hacker කෙනෙකු සතුව තිබිය යුතුම tool එකකි. Geographically වෙනස් කම් සහ ඔබේ පුද්ගලික බාවය තහවුරු නොවන ලෙස කටයුතු කිරීමට මෙය වැදගත් වේ.

  • Very fast speeds with 2000+ servers
  • does not store any data
  • Split tunneling and 5 simultaneous logins
  • 24/7 support
  • Supports Windows, Mac, Android, Linux, iPhone
  • 300,000+ IPs
  • 31 Day Money-Back Guarantee

Burp Suite

Web application, software වල security test scan සඳහා වැදගත් වේ. මෙහි ඇති විවිධ tools මගින් Web application, software  සිසාරා ගොස් දුර්වලතා සෙවීමේ හැකියාව ඇත.

  • 3000කට අධික web application දුර්වලතා scan කල හැක.
  • open-source software, custom-built applications  scan කල හැක.
  • විවිධාකාරයේ technical compliance reports ලබා ගත හැක.
  • අවධානම් ගණයේ දුර්වලතා හඳුනාගනී.
  • Automated crawl and scan.

Luminati

ලොව වටා මිලියන 40කට අධික Residentials  සහ IPs ලබා දෙන tool එකක් වේ. Coding නොමැතිව ඔබගේ proxies  වෙනස් කරගැනීමගේ හැකියාව ඇත.

Ettercap

Host Serves සහ Network වල සක්‍රීය බව සහ දුර්වලතා පිළිබඳ විශ්ලේෂණ දත්තයන් ලබා ගත හැකි ethical hacking tool එකකි.

  • supports active and passive dissection of many protocols
  • capable of sniffing an SSH connection in full duplex

Aircrack

අති සාර්ථක Ethical hacking tool එකක් වේ. දුර්වලතා ඇති wireless connection බිඳ දැමිය හැක. WEP WPA, WPA 2 encryption Keys වලින් බලගැන්වී ඇත.

  • Support all types of OS and platforms
  • Support for WEP dictionary attack
  • Support for Fragmentation attack
  • Improved tracking speed

Angry IP Scanner

IP Address සහ Ports scan කිරීම සඳහා බාවිතා කරන සාර්ථක open source සහ cross platform tool එකකි.

  • Scans local networks as well as the Internet
  • Free and open-source tool
  • Exports results into many formats
  • Provides command-line interface
  • Works on Windows, Mac, and Linux
  • No need for Installation

GFI LanGuard

GFI LanGuard යනු Networks දුර්වලතා හඳුනාගැනීම සඳහා use කරන scanning tool එකකි. පහර දීමකට පෙර network එකේ ඇති දුර්වලතා fix කර ගැනීමට හැකි වේ. දුර්වලතා කලින්ම හඳුනාගත හැකියි. ඉතාමත් ආර්ක්ෂිත network එකක් ගොඩ නගා ගැනීම සඳහා මෙය ඉවහල් වේ.  

ඉතින් අපි මේ ලිපියෙන් Ethical Hacking සඳහා අවශ්‍ය වන Tools 10 පිළිබඳව ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. මීලඟ ලිපියෙන් අපි තවත් Tools 10ක් පිළිබඳව ඔබට කියල දෙන්න සූදානම්.

මේ ලිපිය පිළිබඳ ඔබගේ ගැටළු පහතින් comment කරන්න. Hacking පිළිබඳ අපගේ පසු ගිය ලිපි click කර කියවන්න. Article එක share කරල Webtec Sri Lanka අපිටත් Support එකක් දෙන්න.

(Visited 319 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *