Facebook මේ වන විට ලෝක ජනගහණයෙන් වැඩිම පිරිසක් බාවිතා කරන සාමාජ මාධ්‍යයක් ලෙස සඳහන් කලොත් නිවැරදියි. ඒ බිලියන 1.69ක්

ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැනට සති කීපයකට කලින් ඇමරිකාව තුල කළු සුදු බේදයට සම්බ්න්ධව ගැටුම් නැවතත් විශාල ලෙස ඇති උනා.. එම ගැටුම මේ තරම් දුර දිග යාමට Facebook ඉවහල් වූ බවයි විචාරකයන් පවසන්නේ.

ඒ වගේම තමයි ඔයාලා දන්නවා පසු ගිය වසරේ ඉමහත් ආන්දෝලනයකට ලක් වූ Facebook මගින් එහි පරිශීලකයන්ගේ දත්ත අවභාවිතය සම්බන්දව ඇතී වූ Cambridge Analytica ප්‍රශ්ණය.

එමෙන්ම සමහර රටවල් වල සමාජීය, ආගමික හා දේශපාලනික ප්‍රශ්ණ ඇති කිරීමට ඇති ප්‍රවණතාවය නිසා එම රටවල් Facebook block කර තිබෙනවා.

අපි හැමෝම දන්නා ආකාරයට Facebook තුළින් මිනිසෙකුගේ පෞද්ගලිකත්වය ඇති කිරීමටත් නැති කිරීමටත් ගත වන්නේ ඉතාමත් සුළු කාලයක්. ඒ වගේම තමයි ව්‍යාජ තොරතුරු පැතිරවීමටත් Facebook තෝතැන්නක් වෙලා තියනවා. සරලවම කිව්වොත් රටක නායකත්වය පවා තීරණය කරන තැනට Facebook පත් වෙලා තිබෙනවා..

ඉතින් මේ ආකාරයේ ප්‍රශ්ණ වලට දිගින් දිගටම Facebook සමාගමට ඇඟිල්ල දිගු උනත්, ඔවුන් මේ සිදුවීම් යම්තාක් දුරට හෝ පාලනය කිරීමට අපොහොසත් උනා.

ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස Stop Hate For Profit නම් Facebook සමාගම එරෙහිව කැරැල්ලක් ඇමරිකාව තුළින්ම ගොඩ නැගී තිබෙනවා.  ඒ Facebook හරහා දිගින් දිගටම සිදුවන පෞද්ගලික දත්ත අවභාවිතය හා සාමාජිය ප්‍රශ්ණ වලට Facebook සමාගම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙනුයි.

ඉතින් මෙම කැරැල්ලට සහයෝගය ලබා දෙමින් Coca Cola , Viber සමාගම් Facebook සමග තිබෙන සියළුම සබඳතා නවත්වා තිබෙනවා. ඒ වගේම Facebook හරහා සිදුකරන වෙළඳ ප්‍රචාරන කටයුතු සියල්ලක්ම ජූලි 01 දා සිට නවත්වා දමන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා..

මේ සමාගම් 2කට අමතරව තවත් සමාගම් රාශියක් තුළ Facebook සිදුකරන සියළු ප්‍රචාරණ කටයුතු නවතා දමා මෙම කැරැල්ලට සහයෝගය දක්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

(Visited 61 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *