කෝරෝනා වෛරස් එක මුළු ලෝකෙම ගිලගෙන යද්දි කරදර පිට තවත් කරදර කියලා ඔන්න ඒ පාර Android Device වලට attack කරන අලුත්ම malware එකක් පිළිබඳව අණාවරනය වෙලා තිබෙනවා.

මෙම malware එක හඳුන්වන්නේ Black Rock නමින්. මෙම malware එක අපේ android device එක ඇතුළට රිංගලා අපේ apps, mails, documents වලට දීලා තියන passwords & usernames වගේම Financial පැත්තේ ඒ කියන්නේ banking information’s අපේ වගේ වැදගත් සියළුම දත්ත සොරා ගන්නවා.

පහල දාල තියන chart එකෙන් ඔයාලට බලන්න පුලුවන් මේ malware එක විශාලම වශයෙන් හොරාගන්නේ මොනවගේ තොරතුරුද කියලා..

කොහොමද මේ Malware එක අපේ Android Device එකට ඇතුළු වෙන්නේ.

3rd party websites වල, ඒ කියන්නේ අපි යන unsecured website වල තමයි මේ malware එක තියෙන්නේ. ඒ කියන්නේ website වල මේක අපිට display කරන්නේ ඔබේ device එකට install කරගත යුතු Google update එකක් ලෙසයි. ඉතින් ඔබ යන එන website වල මේ වගේ Google update එකක් හෝ popups, notifications එකක් ආවොත් එක install/click කරන්න යන්න එපා.

සාමාන්‍යයෙන් Google Update එකක් එනවා නම් ඔබට එය phone system එකෙන්ම notification එකක් ලෙස එනු ලැබේ එසේත් නැති නම් ඔබට එක Google Play store තුලින් එය බලාගත් හැක.

කොහොමද malware එක ක්‍රියාත්මක වන්නේ.

Malware එක Device එකට පැමිණි විට එය අපිට app එකක් හෝ software එකක් ලෙස Display වන්නේ නැහැ. Malware එක device එකට ඇතුළු වූ පසු නැවතත් Google update එකක් ලෙස පෙනි සිටිමින් ඔබේ දුරකථනයේ ඇති සියළු Data access කිරීම සඳහා permission ඉල්ලනු ඇත.

ඉතින් ඔබ permission දුන් සැනින් එය ඔබගේ දුරකථනයේ සියළුම Login Details , Banking Information සොරාගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ malware එක ඔබේ දුරකථනයේ system එකට ඉහළින් නොපෙනන ජාලයක් එලන අතර ඔබ ඉන් පසු එකතු කරන හැම login details, banking information එකක්ම  මේ malware එකට ලබා ගන්න පුළුවන්.

ඒ වගේම ඔබේ දුරකථනය හරහා spam messages යවා malware එක ව්‍යාප්ත කරවීමත්, ඔබේ දුරකථනය සම්පුර්ණයෙන්ම පාලනයෙන් තොර කිරීමටත් මේ virus එකට හැකියාව තිබෙනවා.

ඉතින් cyber අවකාශයේ සැරිසරන ඔබ මේ වගේ malware වලින් අනිවාර්යෙන් ආරක්ශා වෙන්න නම් යම් යම් දේවල් install කිරීමට හෝ click කිරීමට යාමට කලින් දහස් වරක් සිතා ඒවා ඉතා Trusted Sources බව සනාථ කරගත යුතුය.

(Visited 82 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *