YouTube Videos බලන්න අපි හැමෝම කැමති. YouTube Videos Download කරගෙන බලන්න තියනවා නම් අපි ඊටත් වඩා කැමති නේද. YouTube එකෙන් අපිට Video Download කරගන්න Option එකක් දීල තියනවා. නමුත් ඒ Option එකෙන් අපිට සමහර Videos Download කරගන්න බැහැ. ඉතින් අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ඇති තරම් YouTube Videos Download කරගන්න පුළුවන් ක්‍රම කීපයක් පිළිබඳවයි.

Using Keepvid

Keepvid මගින් ඔයාලට Computer එකට Videos Download කරගන්න පුළුවන්.

https://keepvid.pro  website එකට පිවිසෙන්න.

Download කරගැනීමට අවශ්‍ය YouTube Video Link එක KeepVid website එකේ තිබෙන Search bar එක මත Paste එක කරන්න.

ඉන්පසු Download Button එක click කර ඔබට අවශ්‍ය video format එකකින් වීඩියෝ එක download කරගන්න පුළුවන්.

ඒ වගේම Keepvid එකේ විශේෂත්වය තමයි Facebook Video පවා ඉහත ආකරයට මෙය තුලින් Download කරගන්න පුළුවන්.

Keepvid website එකට සමාන ලෙස ක්‍රියා කරන තවත් website කිහිපයක්.

https://y2mate.guru/en7/

http://www.youtube-video-downloader.xyz/

https://ddownr.com/

ඉහත websites තුලින්ද ඔබට youtube videos download කරගත හැකියි.

Using 4K Video Downloader

Windows හා Mac OS දෙකටම compatible මෙම software එක භාවිතයෙන් අපිට ඇති තරම් වීඩියෝ machine එකට download කරගන්න පුළුවන්.

https://www.4kdownload.com/products/product-videodownloader  එකට ගොස් 4K Video Downloader Software එක install කරගන්න.

Software එක Run කර ඔබට download කරගැනීමට අවශ්‍ය youtube video එකෙහි link එක software එක මත paste කරන්න.

ඉන් පසු ඔබට අවශ්‍ය video format එක සහ video quality එක select කර video එක download කරගන්න.

Using Tube Mate for Android Device

දුරකථනයේ Internet Browser එක තුලින් https://tubemate.net  වෙත පිවිසෙන්න.

එයින් Tube Mate app එකට අදාල Apk File එක download කරගෙන app එක install කරගන්න.

මෙම App එකේ Interface එක YouTube Interface එකට බෙහෙවින්ම සමානයි. ඉතින් YouTube එකට Upload කරල තියන හැම වීඩියෝ එකක්ම වගේ මේ Tube mate app එක තුල පෙන්වනව. ඉතින් ඔබට Download කරගන්න අවශ්‍ය Video එක app එක තුලින් search කරලා ඒ හරහා video එක ඔබේ දුරකථනයට download කරගන්න පුළුවන්.

(Visited 30 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *